Treatement

ස්ථුලතාව හෙවත් අධිබර මේ වන විට ලොව පුරා බහුලව දැකිය හැකි බෝ නොවන රෝගයක් බවට පත්ව තිබේ. අධික බරින් යුතු පුද්ගලයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් අධික වීම වැනි වෙනත් බෝ නොවන රෝගවලින් පෙළෙන විට එම රෝග පාලනයට ස්ථුලතාව විශාල බාධවක් වේ. එවිට ආහාර පාලනය හෝ ඖෂධ මඟින් පමණක් එම රෝග සාර්ථකව පාලනය කළ නොහැකිය. එවැනි අධි බරැති පුද්ගලයන්ගේ සුවය සඳහා යෙදිය හැකි හොඳ ම විකල්පය වන්නේ සැත්කමක් මඟින් ඔවුන්ගේ ආමාශය කුඩා කිරීම හෝ ආමාශය කුඩා කිරීමත් සමඟ ආහාර අවශෝෂණ ප්‍රදේශයේ වෙනස්කම් සිදු කිරීම බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වි‍ෙශ්ෂඥ ශල්‍ය වෛද්‍ය හා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තේජන විජේරත්න මහතා පවසයි. වෛද්‍ය විජේරත්න පවසන අන්දමට වර්තමානයේ බටහිර බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද අධික ස්ථුලතාවයෙන් පෙළෙන මෙවන් රෝගීන් සඳහා ආමාශය ආශ්‍රිත සැත්කම් සාර්ථකව සිදු කරනු ලැබේ.