Treatement

කොඳු ඇට පෙළ ආශ්‍රිත බොහෝ රෝගාබාදයන් දේශීය වෙදකමෙන් සුව කළ හැකිද, නොඑසේ නම් මෙම රෝග කාරකයන් බටහිර ප්‍රතිකාර ඔස්‌සේ ශල්‍යකර්ම තුළින් සුව කළ හැකිද යන්න අද බොහෝ රෝගීන් දෙලොවක්‌ අතර හුදෙකලා කරන ප්‍රධාන ගැටලුසහගත තත්ත්වයකි.අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාදවලට ලක්‌වූ රෝගීන් හා හන්දි රෝගාබාදයන්ට ලක්‌ වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර ප්‍රතිකාර ලබා අන්තිමේදී සුව නොවූ තැන ශල්‍යකර්මවලට නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් ඇතැම් විට සදාකාලිකව අබ්බගාතයකු වීමට ඉඩ ඇති බවය.