Treatement

ඔබගේ ශරීරයේ හිසේ, අත්පාවල, කන් දෙපස වැලමිටි හෝ දණහිස් සන්ධිවල හම උස්වී පොතු ගැලවෙන කැළල් ස්වභාවයක් ඇත්නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. රෝගය උත්සන්න වීමට කලින් සුවකර ගත හැකියි. බොහෝවිට ඔබගේ හිසේ හිස්හොරි ඇතිනම් එය පොතුකබර රෝගය දක්වා යාමට පළමුව ඔබ පරීක්ෂා කරගත යුතුය. බොහෝ අය හිස්හොරි යැයි වරදවා වටහාගෙන වැරදි නිගමනයක සිටිමින් නොයෙක් වර්ගයේ රසායනික ද්‍රව්‍ය අඩංගු හිස් සෝදන ද්‍රව්‍ය, ෂැම්පු භාවිතා කරමින් කල්ගත වීමෙන් රෝගය ශරීරය පුරා වර්ධනය වේ. හිසෙහි කලක සිට පවතින හිස්හොරි තිබේනම් වහාම පරීක්ෂා කරගන්න. විශේෂයෙන්ම හිස්කබලේ පවතින තත්ත්වය ඔබට නොපෙනේ. ඇතැම්විට නළල දක්වා හෝ කන්දෙක දෙපසට පැතිරුණු විට ඔබට දැකගත හැකි වේවි.