Treatement

ගුද නාළයේ කෙලවරේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් මෙම අර්ශස් ඇති වේ. මෙසේ ඇතිවන්නා වූ ගුදාංකුර සතුරක මෙන් නිතර නිතර හිංසා පීඩා කරන නිසා අර්ශස් නමින් හඳුන්වයි. මෙයින් ගුද මාර්ගයේ ඇතිවන අර්ශස් මුඛය හෙවත් ප්‍රධාන ගණයට අයත් වේ. සමහර විට රක්තය වහනය වේ. සමහර විට වියළි ගතියෙන් යුක්ත වේ. එසේම නාසය, තල්ල, යෝනි ලිංග යන ස්ථානවල ද මස් දළු ඇතිවේ. මේවාද අර්ශස් ගණයට අයත් වේ. මේවා වියලි ගතියෙන් යුක්තය. රක්තය වහනය වීමක් සිදු නොවේ. මේවා ගෞවන හෙවත් අප්‍රධාන අර්ශස් වේ.