Treatement

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්‌ථි දිරායැම් (ඔස්‌ටියෝෙµdරෝසීස්‌) යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්‌ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක්‌ ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ. අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට, හන්දිපත් රෝගාබාධ, සහ අස්‌ථි දිරායැම් (ඔස්‌ටියෝෙµdරෝසීස්‌) ලක්‌ වු රෝගීන්ය මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක්‌ නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක්‌ ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් සදාකාලික අබ්බගාතයකු වීමටද ඉඩ ඇති බවකි.