Treatement

ආයුර්වේදයේ හඳුන්වන ශිර්ෂ රෝග හේතු නිසාම මෙම රෝගය ද ඇතිවිය හැකි අතර මෙයට විශේෂිත වූ හේතු කාරණා ද සඳහන්ව ඇත. එවන් හේතු අතර රථ ආහාර ගැනීම (කුරක්කන්, වියළි සෝයා, කව්පි ආදී) හා එක් ආහාරයක් ගෙන එය දිරවීමට පෙර තවත් ආහාරයක් ගැනීම, අධික ලෙස ආහාර ගැනීම, පෙරදිගින් හමන සුළං අධික ලෙස සේවනය, අධික පින්නට හසුවීම, අධික ලිංගික ක්‍රියාකාරකම්, මළ - මුත්‍ර, කිවිසුම්, කඳුළු ආදී වේගයන් දැරීම, අධි කායික වෙහෙස, අධික ව්‍යායාම්වල නිරත වීම මේ අතර ප්‍රධාන වේ. නවීන වෛද්‍ය විද්‍යාව අනුව චොකලට්, චීස්, කිරි ආහාර, පැඟිරි පවුලේ පලතුරු, රත්පැහැ ඩයි සහිත පැණි බීම වර්ග භාවිතය මෙන්ම කජු, රටකජු වැනි ආහාර වර්ග ද වැඩිපුර ගැනීම රෝගයට හේතුවක් වෙනවා. මෙලෙස ආහාර වර්ගීකරණය කළ ද පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙවන් දෑ බලපාන ආකාරය වෙනස්ය. එනිසා එය පුද්ගලිකව හඳුනා ගැනීමට රෝගියාට හැකියාව තිබිය යුතුයි. ප්‍රතිකාර ලබා ගැනුණ ද මෙවැනි ආහාර පාන වලින් ඈත්වීමට රෝගීන් කටයුතු කළ යුතුයි.