Treatement

දරුවකු මෙලොවට බිහි කිරීමේ වාසනාවත් වම් පදවිය ඉසිලීමේ භාග්‍යයත් ලැබීමට උත්පත්තියේ දී පැවතියා වූ ග්‍රහයින්ගේ බල දුබලතා අනුව බලපෑම් ඇති කරන බවත් යම් හෙයකින් පවුල් ජීවිතයේ දී ස්ත්‍රියටත් පුරුෂයාටත් සැමදා දරු සුරතල් බැලීමේ වාසනාව අහිමි වේද එම හේතුව ස්ත්‍රියගේ නොහැකියාව ලෙසත් ඇයගේ අවාසනාව ලෙසත් පැවතීම වැරදි සහගත වන අතර ඇය හා විවාහයට පත් වූ පුරුෂයාගේ දරු උත්පාදනය කිරීමේ හැකියාව ද උත්පත්ති ග්‍රහබලය බලා තීරණය කළ යුතුවේ. සමහර අවස්ථාවල ස්ත්‍රීයට දරුඵල ලැබීමේ භාග්‍ය පවතින විට පුරුෂයාට දරු උත්පාදන ශක්තිය නොමැති නිසා කිසිදා දරු සුරතල් බැලීමේ වාසනාව නොමැති විය හැක. පුරුෂ කේන්ද්‍රයේ දරු උත්පාදන ශක්තිය පිහිටා ස්ත්‍රී හඳහනේ දරු උත්පාදන ශක්තිය නොමැති නම් ඔවුන්ට ද දරු සුරතල් බැලීමේ භාග්‍ය අහිමි විය හැක. ස්ත්‍රියකගේ උත්පත්ති කේන්දරයෙහි පස්වැන්න අධිපති වූ ග්‍රහයා වද රාශි ගත වෙමින් බ්‍රහස්පති ග්‍රහයාත් වදරාශි ගත වී සිටිත්ද එම ස්ත්‍රියට දරුඵල අහිමි වනු ඇත.