Treatement

වැඩිපුර ඇති වන්නේ අවුරුදු 20 - 55 අතර අයටයි. ජනගහණයෙන් සියයට තුනකට පමණ වැළඳෙන මෙම රෝගී තත්ත්වය කාන්තාවන් අතර පිරිමින් අතර මෙන් තුන් ගුණයක් බහුලය. පළමුවෙන් අත් දෙකේ සහ කකුල් දෙකේ ඇඟිලිවල හන්දි වේදනාකාරී වී ඒවා නැමීම අපහසු වෙයි. උදේ කාලයේදී අපහසුතාවය වඩාත් බරපතල ලෙස දැනෙන අතර හන්දි වේදනාවට අමතරව ශරීරයට පොදුවේ රෝගී භාවයක් ද, නොහැකියාක් ද කම්මැලි බවක් ද දැනේ. මෙම රෝගී තත්ත්වය එකවර උණ සහ සමෙහි රත් පැහැ කැළැල් සහිතව තීව්‍ර ලෙස හෝ සති කිහිපයක් ඇතුළත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය හැක. කලක්යත්ම හන්දි වේදනාව, දණහිස්, උකුල, උරහිස, මැණික් කටුව, වැලමිට, වළලුකර සහ බෙල්ලේ කොඳු ඇට පෙළ දක්වා පැතිර ගොස් ඇඟේ චලයන් අධික ලෙස සීමාවීමට ද පුළුවන.